94 වන ජාතික බොක්සිං ශුරතාවලිය
3:29pm on Tuesday 28th January 2020
ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය විසින් සංවිධානය කරනු ලබු 94 වන ජාතික  බොක්සිං ශුරතාවලිය පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේ රාජකීය මාස් බොක්සිං කවයේදී ජනවාරි මස 21 සිට 24 දක්වා පැවැත්විණි. මේ සඳහා යුධ නාවික ගුවන්  හා පොලිස් ඇතුළු කන්ඩායම් ගනනාවක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 200 කට අධික පිරිසක් සහභාගි විය.

මෙම තරඟාවළියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් විසින් රන් පදක්කම් 02, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනාගැනීමට සමත්වූ අතර  කාන්තා අනුශූරතාවය ගුවන් හමුදාව සතුකර ගන්නා ලදී.

සිංගප්පූරු ආධුනික බොක්සිං සංගමයේ සභාපති සෙයිඩ් අබ්දුල් කදිර් මහතා  ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි