කොනෙක්ස් 2020 අභ්‍යාසයට ගුවන් හමුදාව සහභාගී වෙයි
2020 ජනවාරි මස 27 සිට 30 දක්වා මීගමුව මුහුදු තීරයේ ආසන්න වශයෙන් නාවික සැතපුම් 15 ක් එපිටින් සිදු කරන ලද කොනෙක්ස් 2020 අභ්‍යාසය සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය දායකත්වය ලබාදෙන ලදී. ජනවාරි 28 වන දින ගුවන් හමුදාවේ එම්අයි 17 හෙලිකොප්ටර් යානාවක් නාවික හමුදාවේ සිඳුරළ නෞකාව සමගින් අභ්‍යාසයේ නිරත වූ අතර අංක 04 බලඝණයේ බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් මගින් ගුවනේ සිට ක්‍ායාරූප ගැනීමේ අභ්‍යාසය සිදු කරන ලදී.

ඊට පසුදින (ජනවාරි 29) බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් මගින් නාවික සැතපුම් 15 ක් පමණ මුහුදේ සිදුවුණු ගුවන් අනතුරක් ගුව්නේ සිට නිරීක්‍ෂණය කරමින් අනතුරට පත්වූ කාර්ය මණ්ඩල සාමාජිකයින් මධ්‍යම ගුවන් මෙහෙයුම් මැදිරිය හරහා සමුදී‍්‍රය මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත මුදාගැනීමට තොරතුරු ලබාදෙන ලදී. අනතුරුව එම් අයි 17 හෙලිකොප්ටර් යානාවක් මගින් අනතුරට පත් පුද්ගලයින් මුදවාගෙන සිඳුරළ නෞකාව වෙත ලබාදීම සිදු කරන ලදී.

බෙල් 212 හෙලිකෝටර් යානාවක් මගින් මෙම අභ්‍යාසය ජෘයාරීප ගැනීම සිදු කරන ලධී.එසේම කොනෙක්ස් 2020 අභ්‍යාසයට ගුවන් හමුදාවේ දායක්ත්වය තවදුරටත් ලබා දෙමින් බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් නාවික හමුදාවේ සිඳුරළ නෞකාව වෙත ගොඩබැස්සවීමද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි