72 වන නිදහස් දින සැමරුම් පෙළපාලි පුහණුවීම් ඇරඹේ
වසර සිය ගණනක් යටත් විජිතයක්ව පැවති ශ‍්‍රී ලංකාව නිදහස ලබාගැනීම වෙනුවෙන් සිදු කරන ලද නිර්භීත අරගලයේ සාර්ථක ප‍්‍රථිඵලයක් ලෙස අත්පත්කරගත් අභිමානවත් නිදහස සැමරීම වෙනුවෙන් සංවිධානය කරන ලද 72 වන නිදහස් දින සැමරුම් පෙළපාලිය 2020 පෙබරවාරි මස 04 වන දින නිදහස් චතුරස‍්‍ර පරිස‍්‍රයේ දී පැවැතවීමට නියමිත වෙයි.

අනෙකුත් වර්ෂයන්හිදී මෙන්ම මෙවරද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නිදහස් දින සැමරුම් පෙළපාලියට සිය දායක්වය සපයනු ලබයි. එහිදී ගුවන් හමුදා නිළධාරීන් 55 දෙනෙකු ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 832 දෙනෙකු  අතිගරු ජනාධිපතිතුමන් හට සිය උත්තමාචාරය පුදකරනු ලැබේ.

පෙළපාලි නිරීක්‍ෂණය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තුමන් යුධ හමුදාධිපති තුමන් නාවික හමුදාධිපති තුමන් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරන ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් රවී ජයසිංහ ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් ලෙනාඩ් රොඩ්රිගෝ ත‍්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි