ශී‍්‍ර ලංකා ගුවන් සේවා හතරවන බලඇණිය ප‍්‍රජා ව්‍යාපෘති කිහිපයක් සංවිධානය කරයි
දකුණු සුඩානයේ හි ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ 4 වන කණ්ඩායම දකුණු සුඩානයේ ජොන්ග්ලෙයි ප‍්‍රාර්න්තයේ බෝර් නගරයේ ළමා අනාථ නිවාසයක ප්‍රජා සේවා වැඩසටහනක් සංවිධානය කළේය.මෙම ප්‍රජා සේවා වැඩසටහන ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දිනයට සමගාමීව එහි වර්ථමාන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සේනක කුලතුංග මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කරන ලදී.
මෙම ළමා අනාථාගාරය මුලින් ආරම්භ කරන ලද්දේ 2020 දී වන අතර වර්තමානයේ අනාථ දරුවන් 55 කට පමණ නවාතැන් හා ආරක්ෂාව සපයයි. අනාථ නිවාසයේ ඉල්ලීම පරිදි ජෙනරේටර් යන්ත්‍රයක් ළමා අනාථ නිවාසයට ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකය විසින් පරිත්‍යාග කරන ලදී.
මෙම වැඩසටහන සදහා ප‍්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස දකුණු සුඩානයෙ ක්ෂෙත්‍ර කාර්යාල ප‍්‍රධානී ඩෙබොරා ස්චෙයින් මහත්මිය සහභාගී වූ අතර එක්සත් ජාතීන්ගේ ක්ෂේත්‍ර පරිපාලන නිලධාරී ලිබන් හජ්ජි එක්සත්ංාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලෙය් නිළධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් මෙන්ම බලඇණියේ අණදෙන නිළධාරී ඇතුලු නිළධාරීන් සහ සෙසු නිළයන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
ජෙනරේටර් යන්ත‍්‍රයට අමතරව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ක්‍රීඩා උපකරණ සහ පාසල් උපකරණ දරුවන්ට පරිත්‍යාග කරන ලදී.