පාකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්තුමන් හමුවෙයි
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා පෙබරවාරි මස 10 වන දින ශ‍්‍රී ලංකා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමුවිය.

මෙහිදී රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමන් විසින් ඉන්දීය ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ‍්‍රය වෙත ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මෙහිදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු  රාශියක් සාකච්ජා කරන ලදී. දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරුවක්ද මෙහිදී සිදුවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි