2020 ජාතික කබඩි තරඟාවළියේ පිරිමි ශූරතාවය ගුවන් හමුදාවට
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කබඩි කණ්ඩායමල ශ‍්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම පරදවා ජාතික කබඩි තරඟාවළියේ පිරිමි ශූරතාවය දිනාගැනීමට සමත්කම් දක්වන ලදී. තරඟාවළිය පසුගිය පෙබරවාරි මස 14 සිට 16 වන දින දක්වා යාපනය පේදුරුතුඩුව මහජන ක‍්‍රීඩා පිටියේදී පැවැත්විණි.
අවසන් තරඟයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ ධෛර්ය සම්පන්න සටනක් දෙමින් යුධ හමුදා කණ්ඩායම රැස්කල ලකුණු 15 ට පිළිතුරු වශයෙන් ලකුණු 31 ක් ලබා ගනිමින් ශූරතාවයට හිමිකම් කියන ලදී.
ශ‍්‍රි ලංකා කබඩි සංමේලනයේ සභාපති අනුර පතිරන මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වහයෙන් මෙම අවස්ථාවට සහභාගි විය.