අංක 03 පරිපාලන සහ කළමනාකරණ කාර්යසාධන සංවර්ධන පුහුණු සැසියේ දෙවන අදියර නිමාවෙයි
9:28am on Friday 28th February 2020
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කඳවුරු සහ ඒකකයන්හි අණදෙන නිළධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන පරිපාලන සහ කළමනාකරණ සංවර්ධන තුන්වන පුහුණු සැසියේ දෙවන අදියර 2020 පෙබරවාරි මස 17 වන දින සිට 2020 පෙබරවාරි මස 19 වන දින දක්වා චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී සාර්ථකව පැවැත්විණි.
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කණිෂ්ට අණ හා මාණ්ඩලික පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වා විසින් ආරම්භක දේශනය පවත්වන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීන් හට ආයතනික පරිසරය හා පරිපාලනමය පරිසරය තුලදී මුහුණුපාන්නට වන අභියෝග සහ ගැටළු ආදියට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව එකිනෙකා හා සාකච්ඡා මාර්ගිකව දැනුම හුවමාරු කරගැනීම මෙම පුහුණු සැසිය පැවැත්වීමේ මූලික අරමුණ විය.
විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තමන් මුහුණු දෙන විවධාකාර අභියෝගාත්මක අවස්ථාවන්හිදී එම අභියෝගයන්ට සාර්ථකව මුහුණු දෙන ආකාරයත් මෙහිදි සාකච්ඡා කරන ලදී.
ගුවන් හමුදාවේ කඳවුරු සහ එකකයන්හි අණදෙන නිළධාරීන් හට මෙම අවස්ථාව තම පරිපාලනමය සහ කළමණාකරණ දැනුම වර්ධනය කරගැනීම සඳහා මහඟු අවස්ථාවක් විය.