අම්පාර සහ මඩකලපුව කඳවුරු වල අළුතින් ඉදිකරන ලද ගොඩනැගිල කිහිපයක් විවෘත කෙරේ
අම්පාර සහ මඩකලපුව කඳවුරු වල අළුතින් ඉදිකරන ලද නව ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2020 පෙබරවාරි මස 20 වන දින සිදුකරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ රත්මලාන ගුව්න හමුදා කඳවුරු ගුවන් ධාවන පථ ඉදිකිරීමේ පක්‍ෂාංගය විසින් මෙම ව්‍යාපෘතියේ ඉිදිකිරීම් කටයුතු සිදුකරන ලදී.

අම්පාර කඳවුරේ ඉදිකරන ලද ගොඩනැගිලි අතර අංක 39 රෙජිමේන්තු පක්‍ෂාංගයේ පරිපාලන ඒකකය, නව වැඩ සේවා අංශය සහ දෙමහල් කඳවුර තුළ වාසී නිළධාරී නිවස්නය ඇතුළත් වෙයි. ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂක, සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක,  කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සුරේෂ් ප‍්‍රනාන්දු, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

තවද, මඩකලපුව කඳවුරේ අළුතින් ඉදිකරන ලද කඳවුර තුළ වාසී නිළධාරී නිවස්නය විවෘත කිරීමද ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී. ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂක, සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක,  කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් නිලන්ත පියසේන, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
  • අම්පාර ගුවන් හමුදා කඳවුරු වැඩ සේවා අංශය
  • අම්පාර ගුවන් හමුදා කඳවුරු අංක 39 රෙජිමේන්තු පක්‍ෂාංගයේ පරිපාලන ඒකකය
  • අම්පාර ගුවන් හමුදා කඳවුරු දෙමහල් කඳවුර තුළ වාසී නිළධාරී නිවස්නය

අම්පාර ගුවන් හමුදා කඳවුරු අංක 39 රෙජිමේන්තු පක්‍ෂාංගයේ පරිපාලන ඒකකය

අම්පාර ගුවන් හමුදා කඳවුරු දෙමහල් කඳවුර තුළ වාසී නිළධාරී නිවස්නය

මඩකලපුව ගුවන් හමුදා කඳවුරු, කඳවුර තුළ වාසී නිළධාරී නිවස්නය
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි