අංක 3 සමුද‍්‍රීය බලඝණයේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ස්ථාපිත අංක 3 සමුද‍්‍රීය බලඝණයේ  නව අණදෙන නිළධාරීවරයා විසින් එම ධුරයේ රාජකාරීන් භාරගැනීම 2020 පෙබරවාරි මස 24 වන දින බලඝණ පරිහ‍්‍රයේදී සිදු කරන ලදී.

විංග් කමාන්ඩර් පේ‍්‍රමසිංහ විසින් අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේඩබ්එන්එස්ඩී වෙලගෙදර එම්එම්එස් හට නිළවශයෙන් භාරදුන් අතර ඔහු බලඝණය ස්ථාපිත කිරීමෙන් අනතුරුව පත්වූ දෙවන අණදෙන නිළධාරීවරයා වෙයි.

මෙම ධුරයේ රාජකාරීන් භාරගැනීමට ප‍්‍රථම විංග් කමාන්ඩර් වෙලගෙදර අංක 2 බර ප‍්‍රවාහන බළඝණයේ නිළධාරී අණදෙන මෙහෙයුම් ධුරයෙහි රාජකාරියෙහි නිරත විය.

ධුරයෙන් ඉවත්ව යන විංග් කමාන්ඩර් පේ‍්‍රමසිංහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහකාර හමුදා සම්බන්ධතා නිළධාරී (ගුවන් හමුදා) ධුරයේ වැඩභාරගැනීමට නියමිතය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි