මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
ගෲප් කැප්ටන් ඩබ්ලියුකේඒඑස්ඩබ්ලියු විතාන මහතා විසින් මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජීපිඑන්ස් පියසේන මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2020 පෙබරවාරි මස 24 වන දින වන දින කඳවුරු සරඹ පිටියේදී පැවැත්විණි.

ගෲප් කැප්ටන් එස් ඩී ජයවීර මහතා 2017 සැප්තැම්බර් මස 22 වන දින මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ලෙස පත්විය. ඔහුගේ ධුර කාලය තුළදී කඳවුරේ විවිධ සංවර්ධන ක‍්‍රියාවලීන් රැසක් දියත් කරන ලදී.

නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් ගෲප් කැප්ටන් ජීපිඑන්ස් පියසේන  මහතා මීට පෙර ගුවන් හමුදා චීනවරාය විද්්‍යාපීඨයේ භූමි පුහුණු  අංශයේ අණදෙන නිළධාරී ලෙස කටයුතු කරන ලදී.

පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන ගෲප් කැප්ටන් ඩබ්ලියුකේඒඑස්ඩබ්ලියු විතාන මහතා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි