කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලය සිය 21 වන සංවත්සරය සමරයි
පසුගිය මාර්තු මස 01 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලය සිය 21 වන සංවත්සරය සමරනු ලැබීය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා විද්‍යාලය විසින් ආගමික කටයුතු සහ ශ්‍රමදාන ව්‍යාපාරයක් ඇතුළු උත්සව කිහිපයක් සංවිධානය කරන ලදී.

ත්‍රිකුණාමලයේ 5 කණුවේ පිහිටි බෝධිපාදාපාරාමයේ ආගමික උත්සවයක් පවත්වන ලද අතර ඉන් අනතුරුව රේවත ළමා නිවාසයේ ළමයින්ට රාත්‍රී ආහාරය සහ තෑගි පාර්සල් බෙදා දීමක් සිදු කරන ලද අතර මෙම අවශ්ථාවට කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලෙය් අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න පාසල් කාර්ය මණ්ඩලය කදවුරු සාමාජිකයින් සහ අංක 63 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ සාමාජිකයන් සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි