ගුවන් හමුදා 68 වැනි සංවත්සරය වෙනුවෙන් කැලණිය රජමහා විහාරයේ දී පැවති විශේෂ 'පිච්ච මල් පුජාව'
කැලණිය රජමහා විහාරයේ දී 2020 මාර්තු 01 වන දින සවස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් විශේෂ පිච්ච මල් පුජාවකට සහභාගී විය. 69 වැනි සංවත්සරය වෙනුවෙන් මාතෘභූමිය හා සමස්ත ගුවන් හමුදාව වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ රණවිරුවන් සඳහා ආශිර්වාද පැතිම උදෙසා මෙම විශේෂ පිච්ච මල් පුජාව කොළඹ ගුවන් හමුදා කඳවුර  මූලිකත්වයෙන්  මෙවර සංවිධානය කරන ලද්දේ තෙවන වරටය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් , ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිළධාරින් , කොළඹ ගුවන් හමුදා කඳවුරේ නිළධාරින් සෙසු නිළයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි