අංක 63 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය
අංක 63 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය 2020 මාර්තු මස 13 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ඇස්ට‍්‍රා ශාලාවේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම් ඩී රත්නායක මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ හා පොලීසියේ  නිළධාරීහු  පිරිසක්ද ආරාධිත අමුත්තන් වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම පාඨමාලාව සති 11 ක් පුරාවට පැවැත්වුනු අතර නිලධාරීන් 31 දෙනෙකු විසින් මෙම පාඨමාලාව හදාරන ලදී. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්‍්‍රන් ලීඩර් සහ ෆලයිට් ලෙෆ්ටිටනන්ට් නිළයේ නිළධාරින් 28 ක්, ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ලුතිනන් කම්න්ඩර් සහ ලුතිනන් නිළයේ  නිළධාරීන් 02 සහ බංග්ලාදේශ ගුවන් හමුදාවේ නිළධාරිනියෙකු මෙම පාඨමාලාව සදහා සහභාගී වූහ.

කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව කැලණිය විශ්ව විද්‍යාලයේ අනුමත කර ඇති අතර අවශ්‍ය සුදුසුකම් සපුරාලන නිළධාරීන් හට ආරක්ෂක කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබා දීමට නියමිතය.

එදින රාත‍්‍රී පැවැත්වූ සුහද සාදය සඳහාද පාඨමාලාවේ උපාධි ලාභීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

උපාධි ප‍්‍රදානෝත්සවයේදී විශේෂ සම්මාන ලබාගත් නිලධාරීන්ගේ නාම ලේඛණය ඉංගී‍්‍රසි පරිවර්ථනයේ බලන්න.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි