පළමු වතාවට හෙලිකොප්ටර් නියමුවන් සඳහා මෙහෙයුම් වැඩමුළුවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වේ
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මානුෂීය ආධාර සහ ආපදා සහන සේවා සහ විශේෂ මෙහෙයුම් ගුවනින් ක‍්‍රියාත්මකකිරීමේ ශ‍්‍රී ලංකාවේ බලයලත් එකම ආයතනය වෙයි. මෙම මෙහෙයුම් අතර ගුවන් මගින් ගිනි නිවීම, ගුවනින් නිරීක්‍ෂණය කිරීම සහ කඹ ආධෘරයෙන් මුදවා ගැනීම්, ගුවනින් ගොස් මුදවා ගැනීමේ කටයුතු, රිග් සහ ඩ්‍රොප් මෙහෙයුම්, විශේෂ මුරසංචාර ඇතුළත් කිරීමේ සහ නිස්සාරන මෙහෙයුම් සහ පැරෂුට් මෙහෙයුම් වෙයි.
ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් පීඩීකේටී ජයසිංහ මහතාගේ සංකල්පයකට අනුව හෙලිකොප්ටර් නියමුවන්සඳහා වූ පළමු විශේෂ මෙහෙයුම් වැඩමුළුව අංක 4 බලඝණයේ අණදෙන නිළධාරී විසින් 2020 මාර්තු මස 13 වන දින බලඝණ පරිශ‍්‍රයේදී සංවිධානය කරනලදී. අංක 6, 7 සහ 9 බලඝණයන්හි අණදෙන නිළධාරීන්, නිළධාරී අණදෙන පුහුණු, නියමුවන් සහ ඉංජිනේරු නිළධාරීන් මෙම වැඩමුථුව සඳහා සහභාගී වූහ. රෙජිමේන්තු විශේෂ බලකායේ සහ පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිළධාරීන් ද මෙම වැඩමුළුවට එක්වූහ.
ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂකතුමන්ගේ පැමිණිමෙන් අනතුරුව මෙම වැඩමුළුව ආරම්භ විය. කාලය සහ තත්වයන් වෙනස් වනඅතර එය ක‍්‍රියාත්මකවන පරිසරයද නිරත්රයෙන් වෙනස් වෙමින් පවතින බවත් ඒ සියල්ල අනුව ගුවන් හමුදාව පරිණාමය විය යුකතු බව ගුවන් හමුදාව ඉතා හොඳින් අවබොධ කරගෙන ඇති අතර එබැවින් මෙම වැඩමුළුව අතිශයින් වැදගත් එකක් විය. මෙම වැඩමුළුව අන්තර් දැනුම් හුවමාරු වැඩමුළුවක් වශයෙන් පැවතිඅතර එහිදී නියමුවන්විසින් සිය අත්දැකීම් ආශ‍්‍රයෙන් එක්රැුස් කරගත් දැනුම අනෙකුත් නිළධාරීන් අතර බෙදා ගනු ලැබූ අතර ඉදිරියේදී මෙහෙයුම් සහ එහි කි‍්‍රයාවන් සම්බන්ධයෙන් පැනනැගිය හැකි ගැටලු සහ අභියෝග පිළිබඳව අවධානය යොමු කිරීමදසිදු කෙරිණි.