අංක 6 බලඝණය සිය 27 වන සංවත්සරය සමරයි
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අංක 6 වන බලඝණය අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩබ්ලිව් ඩබ්ලිව් එන් ටී පී ප‍්‍රනාන්දු මහතාගේ මගපෙන්ව්ම යටතේ සිය 27 වන සංවත්සරය පසුගිය මාර්තු මස 15 වන දින සමරන ලදී. සැමරුම් උත්සවය වැඩ පෙළපාලිය පරීක්ෂාවෙන් ආරම්භ කරන ලදී.

සැමරුම් උත්සවයට සමගාමීව ආගමික හා ප‍්‍රජා සත්කාර සේවාවන්ට මූලිකත්වය දෙමින් සිදුකරන ලද අතර රුවන්මැලි සෑරදුන් අභියස දන්සැලක් සංවිධානව කල අතර ශාන්ත ජෝශප් දේවස්ථානයේ ශ‍්‍රමදාන වැඩසටහනක්ද සංවිධානය කරන ලදී. මීට අමතරව අනුරාධපුර මූලිාක රෝහල මුලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ද සංවිධානය කරන ලදී.

තවද බලඝණ පරිශ‍්‍රයේ ආගමික වැඩසටහනක්ද ඉන් අනතුරුව කඳවුරු ක‍්‍රීඩාංගන පරිශ‍්‍රයේ එල්ලේ තරඟාවළියක් ද සියළු නිළයන් ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි