
කටුනායක ගුවන්තොට වෙත පැමිණෙන මගීන්ගේ නිරෝධායන කටයුතු අඛණ්ඩව
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරන ද‍්‍රව්‍ය අංශය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි මගීන් නිරෝ්ධායන ක‍්‍රියාවලිය නොකඩවා සිදුකරමින් පවතී.
මෙහිදී ගුවන් තොටුපලින් රට වෙත පැමිණෙන මගින් ක‍්‍රමානුකූලව නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීම සඳහා යුධ හමුදා බස්රථ වෙත යොමුකිරීම සිදුකෙරේ.
මෙහිදී ගුවන් තොටුපලින් රට වෙත පැමිණෙන මගින් ක‍්‍රමානුකූලව නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීම සඳහා යුධ හමුදා බස්රථ වෙත යොමුකිරීම සිදුකෙරේ.
මෙම කටයුතු නිරීක්ෂනය සඳහා පසුගිය මාර්තු මස 15 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි සංචාරයක නිරතවූ අතර එම අවස්ථාව සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජනක අමරසිංහ, ගුවන් හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරන ද‍්‍රව්‍ය පක්ෂාංගයේ අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා යන නිළධාරීන්ද සහභාගී විය.







