කොවීඩ් 19 නිරෝධායන ක‍්‍රියාවලියට රජය ගන්නා උත්සාහයට ගුවන් හමුදා දායකත්වය අකණ්ඩව
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙසකට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකය හා මෙහෙයුම් භූමි අධ්‍යක්ෂකය හා එක්ව කො වීඩ් 19 නිරෝධායන ක‍්‍රියාවලියට රජය ගන්නා උත්සාහයට සිය දායකත්වය අකන්ඩව ලබාදෙමින් වැලිසර රෝහලෙහි වාට්ටු අංක 11 හා 12 අලුත්වැඩියා කිරීම සිදුකරන ලදී. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමන් හා මෙහෙයුම් භූමි අධ්‍යක්ෂක තුමන් මෙම ව්‍යපෘතියේ ප‍්‍රගතිය සොයාබැලීම සඳහා පසුගිය මාර්තු මස 21 දින එහි සංචාරයක නිරත විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරැ සිවිල් ඉංජිනේරු පක්ෂාංගයෙහි නිළධාරීන් 05ක් හා ගුවන් භටයින් 76ක් මෙම කාර්යෙහි නිරතවනු ලබයි.

මෙම වාට්ටු අළුත් වැඩියා කිරීමෙන් අනතුරුව කොවීඩ් 19 නිරෝධායන ක‍්‍රියාවලියට යොදාගනු ලබන අතර ගුවන් හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩළයක් මගින් එහි කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි