ගුවන් හමුදාව දේශීයව නිපදවන පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙයි
ගුවන් හමුදාව දේශීයව නිපදවන ලද පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 500 පසුගිය මාර්තු මස 23 දින සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීමට කටයුතු කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලද අතර කටුනායක කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගය මගින් නිෂ්පාදන කටයුතු සිදුකරන ලදී.
ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය ජාතියේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා මෙම ආරක්ෂක කට්ටල නිෂ්පාදනය කිරීම සඳහා අඛණ්ඩව පැය 24 පුරාම කටයුතු සිදුකරනු ලබයි කරයි. කොවිඩ්-19 ආසාදිත රෝගීන් රැකබලා ගැනීම සඳහා වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ආරක්ෂක කට්ටල මඟින් රෝග ආසාදනයකින් තොරව සිය රාජකාරි ඉටු කිරීමට හැකියාව පවතී. නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා ගුවන් හමුදාධිපති තුමන් පසුගිය මාර්තු මස 24 දින කටුනායක පිහිටි නිෂ්පාදන මධ්‍යස්ථානයෙහි සංචාරයක නිරතවිය.
මෙසේ නිෂ්පාදනකල පළමු කට්ටල 500 සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජසිංහ මහතා වෙත භාරදීම ගුවන් හමුදා කටුනායක කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඉන්දික වික්‍රමසිංහ, සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් ඇන්ඩෘ විජේසූරිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර යන මහතුන් අතින් සිදුවිය.
මේහා සමගාමීව අනුරධපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එල් එච් සුමනවීර මහතාගේ අධීක්ෂනය යටතේ අනුරධපුර සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගය මගින් නිෂ්පාදනය කරන ලද ඇදුම්කට්ටල 100ක් අනුරධපුර මූලික රෝහලේ වෛද්‍ය උදය ද සිල්වා මහතා වෙත භාරදීම ස්කොඩ්රන් ලීඩර් සම්පත් ධර්මකීර්ති අතින් සිදුවිය.