විදේශගත ශ්‍රී ලාංකිකයන් ආභාධිත ගුවන් විරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාග කරයි...
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණ සංවිධානයක් වන "අරලිය" තරුණ පදනමේ දායකත්වයෙන් රු.168,000.00 මුදලක් ගුවන් හමුදාව වෙත පරිත්‍යාග කරන ලදී.

මෙම මුදල් සෘජුවම ශ්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු විශේෂ රාශි මුලයෙහි සුවිශේෂී අනුග්‍රහය ලබන මොරවැව සිංහල මහා විද්‍යාලයේ දරුවන්ගේ සුභ සාදනය වෙනුවෙන් යොදවනු ඇත. එසේම කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික නියෝජිත පිරිසකගෙන් රු.61000.00ක මුදලක් ගුවන් හමුදා සේවයේ නියුතුව සිටියදී මියගිය සහ ආභාධිත තත්වයට පත්වු ගුවන් විරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරන ලදී.

මෙම සියළු මුදල් කැන්ඩාවේ වෙසෙන විශ්‍රාමික බලඝණ නායක මෛත්‍රී පෙරේරා මහතා විසින් වැඩබලන මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා වෙත අද (12)දින ලබා දෙන ලදී.


SLAF Receives Aid For Social Development Projects SLAF Receives Aid For Social Development ProjectsSLAF Receives Aid For Social Development Projects

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි