ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කදවුරේ නීරෝධායට ලක්වු පිරිස සමජගත කිරිමට පියවර
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙරටට පැමිණි පුද්ගලයින් 206 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා 2020 මාර්තු මස 17 වන දින වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කදවුර තුළ පිහිටා ඇති නිරෝධනය මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදි.
මෙම නිරොධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධික්ෂණය යටතේ සියලු පහසුකමි සහිතව ස්ථාපිත කරන ලදි.
ගුවන් හමුදා වන්නි නිරෝධායන මධ්‍යස්ථානය තුල පිරිමි පුද්ගලයින් 173 දෙනෙකු කාන්තාවන් 33 දෙනෙකු හා විදේශික යුවලක් ද මෙයට අයත් විය. මෙම පිරිස දින 14 පුරාවට නිරෝධායට ලක්වු අතර වන්නි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් ඉන්ද්‍රජිත් විරසුරිය ඇතුලු කාර්යමණ්ඩලයේ අධික්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරිමෙන් පසු අද දින (2020 මාර්තු මස 31 වන දින) ප්‍රවාහන පහසුකමිද සලසා දෙමින් සිය නිවෙස් කරා පිටත් කර හරින ලදි.