අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල මගින් මෙහෙයවන ලද අංක 10 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 81 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය කිරීම 2020 අපේ‍්‍රල් මස 08 වන දින චීන වරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් ආර්යූඒපී රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.
ත‍්‍රිවිධ හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ හඬ අධ්‍යයන හා කළමනාකරණ දැනුම ලබා දීම සහ නායකත්ව ගුණාංග වැඩිදියිණු කිරීම මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වෙයි. පාඨමාලාව සති 11 ක පමණ කාලයක් පුරා පවත්වන ලදී. මෙම පාඨමාලාවන් ද්විත්වයම රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව පවත්වන ලද අතර පාඨමාලාව අවසානයේ අවශ්‍ය සුදුසුකම් සපුරාලන කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් හට කළමනාකරණ සහතික පත‍්‍රයක් ප‍්‍රදානය කරන ලදී. ශ්රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 80 දෙනෙකු කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 65 දෙනෙකු සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් දෙදෙනෙකු සහ නාවික හමුදාව් එක් අධිකාරී නොලත් නිළධාරියෙකුගෙන් මෙම පාඨමාලාවන් සමන්විත විය. මෙහිදී 148 දෙනෙකු හට සහතික පත් ප‍්‍රදානය කරන ලදී.

අංක 10 ඉංග‍්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ සෑම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යයා වශයෙන් බලලත් නිළධාරී ඩබ්එම්එස්ආර් ජයසිංහ හා කෝප‍්‍ර‍්‍රල් චතුරංග එස්පීඑන් සම්මාන හිමිකර ගත් අතර අංක 81 සිංහල මාධ්‍ය පාඨමාලාවේ සැරයන් තරංග යූඒඑස් සහ කෝප‍්‍රල් කරදුගොඩ ඒකේකේටී පිළිවෙලින් සෑම අතින්ම දක්‍ෂ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් ලෙස සම්මාන දිනා ගන්නා ලදී.