සීගිරිය කඳවුරටත් සුභසාධක වෙළඳ සලක්
සියළු පහසුකම් සපිරි සුභසාධක වෙළඳසලක් සීගිරිය කඳවුරේදී පසුගිය දින විවෘත කරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චමින්ද සිල්වාගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙම වෙළඳසල නිර්මාණය විය. මෙම සුභසාධක වෙළඳසල කොළඹ ගුවන්පුර පිහිටි ප්‍රධාන සුභ සාධක වෙළඳසැල මගින් පෝෂණය වේ.

මෙම සුභසාධක වෙළඳසල කඳවුරේ සිවිල් හා සේවා පුද්ගලයින් වෙනුවෙන් විවෘත වීමත් සමග ඔවුන්ට අඩුමිලට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව වැඩිදියුණුවී ජීවන මට්ටම උසස් තත්වයකට පත්වීම නිතැතින්ම සිදුවනු ඇත.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි