හලාවත දිස්ති‍්‍රක් රෝහලේ වාට්ටුවක් ගුවන් හමුදාවෙන් ප‍්‍රථිසංස්කරණය කෙරේ
හලාවත දිස්ත‍්‍රික් රෝහලෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොවිඩ් -19 රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරීම පිණිස එම රෝහලේ එක් වාට්ටුවක් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා පාලවිය ගුවන් හමුදා කඳවුරෙන් සිවිල් ඉංජිනේරු භට කණ්ඩායමක් අනුයුක්ත කරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ සෘජු උපදෙස් මත ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ අධීක්‍ෂණය යටතේ නිළධාරියෙකුගෙන් සහ ගුවන් භටයින් 24 දෙනෙකුගෙන් සමන්විත ගුවන් හමුදා ඉංජිනේරු කණ්ඩායමදින පහක් වැනි කෙටි කාලයක් තුළදී එම වාට්ටුවේ ප‍්‍රතිසංස්කරණ කටයතු අවසන් කරන ලදී.

මෙම කටයුතු සඳහා දිස්ත‍්‍රික් රෝහලින් අරමුදල් සම්පාදනය කරන ලද අතර ගුවන් හමුදාව මගින් අවශ්‍ය පිරිස් බලය සහ ඉංජිනේරු දැනුම ලබාදෙන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි