බංගලාදේශ ගුවන් හමුදා සේවා පුද්ගලයින් සදහා ගුවන් ධාවන පථ හා කඳවුරු ආරක්‍ෂක ප්‍රවීනතා 08 වන පාඨමාලව
බංගලාදේශ ගුවන් හමුදා නිළධාරීන් සහ ගුවන් භටයින් සඳහා පවත්වනු ලබන අංක 08 ගුවන් ධාවන පථ හා කඳවුරු ආරක්‍ෂක ප්‍රවීනතා පාඨමාලව 2020 ජනවාරි මස 21 වන දින සිට 2020 මාර්තු 26 දින දක්වා දියතලාව සටන් පුහුණු පාසලේදී නිමාවට පත්විය. මෙම පාඨමාලාව දින 45 ක් පුරා පවත්වන ලද අතර ඒ සඳහා දින දහයක් පුරා අම්පාර ගුවන් හමුදා කඳවුරේ පැවති ගුවන් කඳවුරු ආරක්‍ෂාව ප‍්‍රායෝගික පුහුණු සැසියද ඇතුළත් විය.
මෙම පාඨමාලාව සඳහා බංගලාදේශ ගුවන් හමුදාවේ නිළධාරීන් 04 ක් හා සෙසු නිළයන් 06 දෙනෙකුත් සහභාගී වූහ. අවි පුහුණුව, පුදගල සටන් හැකියාවන්, මෙහෙයුම් භූමි හා මෙහෙයුම් ගුවන් තාක්ෂණික ශිල්පීය ක‍්‍රමවේදයන්, බුද්ධි අංශ පිලිබදව, ක්ශේත‍්‍ර ශිල්පය හා නිලධාරියකු සතු වගකීම් යන පරාසයන් ඔස්සේ මෙම පුහුණු පඨමාලාව පවත්වන ලදී.
පාඨමාලාව අවසානයේ සහතික පත් ප‍්‍රදානය කිරීම 2020 අපේ‍්‍රල් මස 15 වන නදින කවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සී වික‍්‍රමරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්න ලදී. එසේම පාඨමාලාව හැදෑරූ බංගලාදේශ ගුවන් හමුදා සාමාජිකයින් විසින් පාඨමාලා කාලය තුළ ලබාදුන් සියලුම පහසුකම් සහ සත්කාර සඳහා පුසහුණු කාර්ය මණ්ඩලයට සවහ ගුවන් හමුදාධිපතිතුමන් හට ස්තුති කරන ලදී.
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ නිළධාරී අණදෙන පුහුණු, ප‍්‍රපාන පුහුණු උපදේශක සහ සෙසු නිළ උපදේශකයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.