ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද කාර්යමණ්ඩලයට නව නේවාසිකාගාරයක්
කොරෝනා ආසාදිතයින් සදහා ප‍්‍රතිකාර කරනු ලබන දිවයිනේ ප‍්‍රධානතම රෝහල වන මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද කාර්යමණ්ඩලය සදහා නව නේවාසිකාගාරයක් ඉදිකිරීම ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය හා ශි‍්‍ර ලංකා වරාය අධිකාරිය එක්ව ආරම්භ කරන ලදී.

මෙහි මුලික ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදාව විසින් සිදුකරනු ලබන අතර නේවාසිකාගාරය ඉදිකිරීමට වැයවන  මුල්‍යය ප‍්‍රතිපාදන ශි‍්‍ර ලංකා වරාය අධිකාරිය විසින් සපයනු ලබයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝගී පුද්ගලයන් වෙත ප‍්‍රථිකාර කටයුතු පුළුල් කිරීම සඳහා  ගුවන් හමුදාව විසින්  ගොඩනැගිලි ද්විත්වයක් ඉදිකොට රෝහල වෙත භාරදීම පසුගියදා සිදුකරන  ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි