ගුවන් භටයින්ගේ නවාතැන් පහසුකම් සඳහා වන නව සිව්මහල් ගොඩනැගිල්ලක් ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘතවේ
ගුවන් හමුදා කොළඔ කඳවුරේදී ගුවන් භටයින් 142 දෙනෙකුට නවාතැන් පහසුකම් සැලසිය හැකි වන නව සිව්මහල් ගොඩනැගිල්ලක් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතින් පසුගිය අපේ‍්‍රල් මස 22 වන දින විවෘත කරන ලදී.

මෙම සිව්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ අධීක්ෂනය යටතේ කටුනායක මූලික කඳවුරු සිවිල් ඉංජිනේරු පක්ෂාංගය විසින් සිදුකරණ ලදී.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම් ආර් කේ සමරසිංහ ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩල නිළධාරීන් ගුවන් හමුදා කොළඔ කදවුරේ අණදෙන නිළධාරි එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබ්රෝයි ඇතුළු නිළධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි