පැසිෆික් ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද ඉන්දු-පැසිෆික් ගුවන් හමුදා ප‍්‍රධානීන්ගේ වීඩියෝ සමුළුව සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
පැසිෆික් ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද ඉන්දු-පැසිෆික් ගුවන් හමුදා ප‍්‍රධානීන්ගේ වීඩියෝ සමුළුව සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2020 අපේ‍්‍රල් මස 30 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සිට සහභාගී විය. මෙම සමුළුව පැසිෆික් ගුවන් හමුදාව මගින් සංවිධානය කරන ලද අතර පැසිෆික් ගුවන් හමුදා ප‍්‍රධානී ජෙනරල් චාල්ස් බ‍්‍රවුන් විසින් එහි මුලසුන හොබවන ලදී.

කොවිඩ්-19 වසංගතය හමුවේ ඇතිවී තිබෙන අභියෝගාත්මක හා පෙර නොවූ විරූ අවස්ථාවට ප්‍රතිචාර වශයෙන් සාමූහිකව සම්බන්ධ වීම සමුළුවේ අරමුණ විය. ඉන්දු-පැසිෆික් කලාපය තුළ කොවිඩ්-19 වසංගතය හමුවේ ඵලදායී සහ කාර්යක්ෂමව මුහුණ දීම සඳහා හොඳම භාවිතයන් සහ සඵලදායී සහයෝගීතා මාර්ග හඳුනා ගැනීමද මෙම සමුළුව මගින් සිදු කෙරිණි.

ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, කැනඩාව, ප‍්‍රංශය, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, මොන්ගෝලියාව, නේපාලය, නවසීලන්තය, පිලිපීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව, තායිවානය සහ තායිලන්තයේ ගුව්න හමුදා ප‍්‍රධානීන්ද මෙම සමුළුවට සහභාගී වූහ.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි