ත‍්‍රිවිධ හමුදාවන්හි සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරිමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිළධාරීන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ සංචාරයක
ත‍්‍රිවිධ හමුදාවන්හි සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බස්නාහිර පලාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද ශ‍්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා 2020 අප්‍රේල් මස 02 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තිය පුහුණු පාසලේ සංචාරයක නිරත විය. මෙම අවස්ථාව සදහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා (විශ‍්‍රාමික), සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියල් අද්මිරාල් ආනන්ද පීරිස් (විශ‍්‍රාමික) යන නිළධාරීන්ද සමිබන්ධ විය.

මෙම සංචාරයේදී ති‍්‍රවිධ හමුදාවන්හි සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිළධාරීන් හට ඒකල වෘත්තිය පුහුණු පාසලේ අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් මුදිත මහවත්තගේ නිළධාරීතුමන් විසින් කඳවුරේ සිදුකරනු ලබන මෙහෙයුම් හා කි‍්‍රයා පටිපාටිය පිළිබද පැහැදිලි කිරීමක් සිදු කරන ලදී.

මෙම නිළධාරීන් පිරිස වෘත්තිය පුහුණු පාසලේ සෑම ස්ථානයක්ම නිරීක්ෂණය කල අතර කඳවුරේ තත්වය පිළිබඳ පුර්ණ අවබෝධයක් ලබා ගන්නා ලදී.

කොවිඩි 19 වසංගතය සැලකිල්ලට ගනිමින් ත‍්‍රිවිධ හමුදා කඳවුරු වල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමේ යාන්ත‍්‍රණයක් සකස් කිරීමේ,ක‍්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය කිරීම මෙම ජනාධිපති කාර්ය සාධක බලකාය සතු වගකීම වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි