ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද කාර්යමණ්ඩලයට නව නේවාසිකාගාරයක්
කොරෝනා ආසාදිතයින් සඳහා ප‍්‍රතිකාර කරනු ලබන දිවයිනේ ප‍්‍රධානතම රෝහල වන මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙද කාර්යමණ්ඩලය සඳහා නව නේවාසිකාගාරයක් ඉදිකිරීම ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ ශ‍්‍රම දායකත්වයෙන් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තාක්ෂණික දායකත්වයෙන් පසුගියදා ආරම්භ කරන ලද අතර පසුගිය මැයි මස 08 වන දින මෙහි වැඩ අවසන් කොට රෝහල වෙත භාරදෙන ලදී. මෙම හෙද නේ්වාසිකාගාරය කාමර 16කින් යුත් අතර හෙද නිලධාරින් තිස් දෙදෙනෙකු සදහා නේවාසික පහසුකම් සහිතය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි