ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පසු රෝහල්ගත සත්කාර ඒකකය සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී මුල්ගල තැබේ
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ අනුදැනුම යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරු රෝහලට අනුයුක්තවය ඉදිකිරීමට යෝජිත ගුවන් හමුදා පසු රෝහල්ගත සත්කාර ඒකකය සඳහා මුල්ගල තැබීම 2020 මැයි මස 26 වන දින සිදුකරන ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සම්පත් තුයියකොන්තා මහතා විසින් මෙම ඒකකය සඳහා මුල්ගල තැබීම සිදු කෙරිණි.

මෙම පසු රෝහල්ගත සත්කාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු විංග් කමාන්ඩර් දිමුතු ඒකනායකගේ නායකත්වය යටතේ කටුනායක සිවිල් ඉංජිනේරු පක්‍ෂාංග ඉංජිනේරු කණ්ඩායමක් විසින් සිදුකරනු ලබයි.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ පක්‍ෂාංග අණදෙන නිළධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි