දියතලාව සටන් පුහුණු පාසලේ අවි පුහුණු උපදේශකවරුන්ගේ ලෙන්යාඩ් සහ යස්ටි ප්‍රදානය කිරීමේ උත්සවය
අංක 56 ගුවන් භට සහ අංක 15 ගුවන් කාන්තා අවි පුහුණ උපදේශක තාක්‍ෂණික පාඨමාලාව සඳහා ලෙන්යාඩ් සහ යස්ටි ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය ජූනි මස 8 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ දිතාලාවෙිදී පැවැත්විණි.

ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 44 දෙනෙකු සාර්ථකව පාඨමාලාව නිම කර ලෙන්යාඩ් සහ යස්ටි ලබා ගැනීමට සුදුසුකම් ලැබීය. අණදෙන නිලධාරී නව උපදේශකයින් ඇමතූ අතර පාඨමාලාව සාර්ථකව නිම කිරීම පිළිබඳව ඔවුන්ට සුබ පැතුම් එක් කළ කරමින් අවධාරණය කළේ උපදේශකවරු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තම උපදේශකත්වයේ රාජකාරි ඉටු කිරීමට නොපසුබට උත්සාහයෙන් කටයුතු කළ යුතු බවත්ය.මෙහිදී කෝප්‍රල් රණසිංහ ජීඩීටීඩබ්ලිව්කේ පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂතම  උපදේශක ලෙස සම්මාන ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු සී වික්‍රමරත්න මහතා සහභාගී වූ අතර  නිලධාරි අණදෙන පුහුණු  වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්එච්එම්බීඑස් බන්ඩාර සියලුම නිලධාරීන් සහ උපදේශකයින් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි