ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් සඳහා මූලික ජීවිත ආරක්‍ෂණ සහ ප‍්‍රථමාධාර පිළිබඳ පුහුණුවක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සියළුම කඳවුරු වල ගිනි නිවීමේ භටයින් සඳහා මූලික ජීවිත ආරක්‍ෂණ සහ ප‍්‍රථමාධාර පිළිබඳ පුහුණුවක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුංමගල ඩයස් මහතාගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එල්ආර් ජයවීර මහතාගේ පූර්ණ අනුදැනුම යටතේ කි‍්‍රයාත්මක කෙරිණි.
පුහුණු පාඨමාලා වැඩසටහනට අනුව කොළඹ ගුවන් හමුදා කඳවුරේ පුහුණු පාඨමාලාව 2020 ජූනි මස 15 වන දින සිට 26 වන දින දක්වා කොළඹ ගුවන් හමුදා රෝහලේ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් පැවැත්විණි. මෙම පාඨමාලාව කොලඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සීබී ලැබ්රෝයි මහතා පූර්ණ මගපෙන්වීම යටතේ ඉතාමත් උසස් අන්දමින් සංවිධානය කර තිබූ අතර කොලඹ කඳවුරු රෝහලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පීඒවී පද්මපෙරුම මහතාගේ මගපෙන්වීම යටතේ මෙහෙයවීම සිදු කෙරිණි.
මෙහිදී,
- මූලික ජීවිත ආරක්‍ෂණ සහාය
- කම්පන සඳහා මූලික ප‍්‍රථමාධාර, හිසේ තුවාල, විදුලිය වැදීම්, දියේ ගිලීම්, උදරාබාධ, අස්ථි බිඳීම්, ලේ වහනය වීම්, ආඝාත තත්වයන්, ස්වශනය ආබාධයන්, කම්පන සහ පිලිස්සුම් තත්වයන්
- රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික යුධ තත්වයන් පිළිබඳ හැඳින්වීම
- කොවිඩ්-19 වසංගතය
යන මූලික කරුණු ඔස්සේ දින 5 කට වැඩි කාලසීමාවක් න්‍යායික සහ ප‍්‍රායෝගික සැසිවාරයන් යටතේ මෙම පාඨමාලාව පවත්වන ලදී.
මෙම පාඨමාලාව අවසානයේ පුහුණුවන්නන් විසින් රෝගියා තක්සේරු කිරීම, හෘදයාබාධ අවස්ථාවකදී මස්තිෂ්ක රුධිර සැපයුම පවත්වා ගැනීම සඳහා ස්වයංක්‍රීය බාහිර ඩිෆයිබ්‍රිලේටරයක් භාවිතා කර රෝගියා රෝහල වෙත ගෙන යන තෙක් හෝ වෛද්‍ය කණ්ඩායමක් විසින් භාර ගන්නා තෙක් මූලික ජීවිත ආරක්‍ෂණ සහය පිලිබඳ මූලික දැනුම සහ හැකියාව ඇති කරවීම අපේක්‍ෂා කරන ලදී. තවද, ජීවිතයක් බේරා ගැනීම සඳහා හෝ රෝගී තත්වය පිරිහීම වැළැක්වීම සඳහා රෝහලකදී නිශ්චිත වෛද්‍ය හෝ ශල්‍යකර්මයකට භාජනය කරන තෙක් මූලික ප්‍රථමාධාර ලබාදීමේ කුසලතා ඔවුන් සතුව ඇතැයි අපේක්ෂා කරන ලදී.
ඔ්නෑම අවස්ථාවකදී පළමු ප්‍රතිචාර දක්වන්නන් ලෙස ගිනි නිවන භටයන් හට මෙම කුසලතා ප්‍රගුණ කිරීම තුළින් සැබෑ ජීවිතයේ යම් යම් අවස්ථා වලදී ජීවිත බේරා ගැනීමට, ආත්ම තෘප්තියක් විඳීමට මෙන්ම ගුවන් හමුදාවට ගෞරවය ලබා දීමට හොඳම අවස්ථාව ලැබෙනු ඇත.
මෙම පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය 2020 ජූනි මස 26 වන දින කොලඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සීබී ලැබ්රෝයි මහතාගේ ප‍්‍රදානත්වයෙන් පැවැත්විණි. කඳවුරු රෝහල් අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පීඒවී පද්මපෙරුම,ගුවන් හමුදා ප‍්‍රධාන ගිනි නිළධාරී විංග් කමාන්ඩර් චමිල් හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාව සහභාගී වූහ.