ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මුලතිවු කදවුරේ නිරෝධායනයට ලක්වු නාවික හමුදා භටයින් සමාජගත කිරිමට පියවර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිවු කදවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු නිමා කල වැලිසර නාවික කඳවුරේ නාවික හමුදා භටයින් 223 දෙනෙකු සිය පීසීආර් පරීක්‍ෂන ප‍්‍රථිඵල අනුව කොවිඩ් - 19 වෛරස් ආසාදනය වී නොමැති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව පසු පසුගිය ජූනි මස 27 වන දින පිටත් කර හරින ලදී. ඔවුන් නැවත රාජකාරියට වාර්ථා කිරීමට පෙර තවත් දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් දෙනු ලැබේ. මෙම පිරිස නිරෝධායන කටයුතු සදහා 2020 මැයි මස 18 වන දින මුලතිවු ගුවන් හමුදා කඳවුර වෙත යොමු කරන ලදී.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධීක්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි.

මුලතිවු ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්ධන ඇතුළු කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම නිරෝධායන මධ්‍යස්ථානය ක‍්‍රියාත්මක කෙරේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි