ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ නිරෝධායනයට ලක්වු නාවික හමුදා භටයින් සමාජගත කිරිමට පියවර
2:18pm on Monday 13th July 2020
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු නිමා කල වැලිසර නාවික කඳවුරේ නාවික හමුදා භටයින් 27 දෙනෙකු සිය පීසීආර් පරීක්ෂන ප්‍රථිඵල අනුව කොවිඩ් - 19 වෛරස් ආසාදනය වී නොමැති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව පසු පසුගිය ජූලි මස 01 වන දින පිටත් කර හරින ලදීග ඔවුන් නැවත රාජකාරියට වාර්ථා කිරීමට පෙර තවත් දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් දෙනු ලැබේ. මෙම පිරිස නිරෝධායන කටයුතු සදහා 2020 මැයි මස 20 වන දින ඉරණමඩු ගුවන් හමුදා කඳවුර වෙත යොමු කරන ලදී.
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය ගන්නා උත්සාහයන්ට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධීක්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි.
ඉරණමඩු ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් රොහාන් පතිරණ ඇතුළු කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම නිරෝධායන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරේ.