ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම සිය 50 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම සිය 50 වන සංවත්සරය පසුගිය ජූලි මස 01 දින කටුනායක මූලික කඳවුරු ප්‍රසාංගික කලා පරිශ්‍රයේදී සමරන ලදී. මෙම  අවස්ථාව සැමරීම වස් ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරු සරඹ පිටියේදී තූර්ය වාදක ප‍්‍රසංගයක් පැවති අතර එම අවස්ථාව සඳහා කටුනායක මූලික කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා ඇතුලු පක්ෂාංග අණදෙන නිළධාරීන් පිරිසක් සහභාගී විය.

තවද මේ හා සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්ද කටුනායක මූලික කඳවුරු අණදෙන නිළධාරී තුමන් ගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ අතර තූර්ය වාදක කණ්ඩායෙම් සාමාජිකයින් අමතා එදා මෙදා තුර ගුවන් හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ සේවය අගයමින් ඔවුන් වෙත සිය ස්තූතිය පුදකරන ලදී.

ප්‍රසාංගික කලා අධ්‍යක්‍ෂ ගෲප් කැප්ටන් චන්දන අමරසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා වාදක කණ්ඩායම ක‍්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම සියලුම කටයුතු සිදුකරනු ලබයි. සැමරුම් උත්සවය අවසානයේදී අධ්‍යක්ෂ  පරිශ්‍රයේදී දානමය වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි.

වර්තමාන තූර්ය වාදක කන්ඩායමේ නිලධාරීන් 11 දෙනෙකු සංගීත ශිල්පීන් හා නර්තන ශිල්පීන් 550 දෙනෙකුගෙන් සමන්විත වේ.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි