වීරවිල ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද නිළධාරී නිවස්න සංකීර්ණය සහ නව වෛද්‍ය වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ
වීරවිල ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද නිළධාරී නිවස්න සංකීර්ණය සහ නව වෛද්‍ය වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් 2020 ජූලි මස 08 වන දින සිදු කරන ලදී.
මෙම ව්‍යාපෘතීන් දෙක වීරවිල ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ දීර්කාලීනව පැවති අවශ්‍යතාවයක් සපුරාලීම සනිටුහන් කළ අතර එය අණදෙන නිලධාරී ගෘෘප් කැප්ටන් මනෝජ් කෙප්පෙටිපොල මහතාගේ උපදෙස් පරිදි සාදා නිම කරන ලද අතර අළුතින් ඉදිකරන ලද ඉඩකඩ සහිත වෛද්‍ය වාට්ටු සංකීර්ණයේ හදිසි ප්‍රතිකාර ඒකකයක් උපදේශන කාමරයක් නිලධාරීන් බලලත් නිලධාරීන් සහ සැරයන්වරුන් සඳහා වෙනම වාට්ටු පහසුකම් හා කනිෂ්ඨ නිළයන්හි ද පිරිමි සහ ගැහැණු රෝගීන් සඳහා වාට්ටු පහසුකම්වලින්ද සමන්විතව ඇත. තවද නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා වන නව ගොඩනැගිල්ල කාමර පහකින් සමන්විත වේ.
ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු ගුවන් පථ ඉදිකිරීම් ඉංජිනේරු පක්‍ෂාංගෙය් සාමාජිකයින් 95 දෙනෙකු ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එච් එම් කේ එන් එම් හේරත් ගේ මූලිකත්වයෙන් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදි.
වීරවිල ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී තුමන් මෙන්ම ගුවන් හමුදා නිළධාරින් ඇතුළු සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාව සදහා සහභාගි වූහ

.