සේවය අවසන්කොට නික්ම යන ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කැප්ටන් අශෝක් රාවෝ මහතා 2020 ජූලි මස 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය. එහිදී ඔවුන් සුහද කථාබහක ද නිරත වූ අතරගුවන් හමුදාධිපති තුමන් සේවය අවසන්කොට නික්ම යන ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක තුමන් හට සිය සුභ පැතුම්ද එක්කරන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි