ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරෙහි අළුතින් ඉදිකරන ලද නිළධාරී නිවස්නය ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘත කෙරේ
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරෙහි අළුතින් ඉදිකරන ලද නිළධාරී නිවස්නය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතින්  2020 ජූලි මස 15 වන දින අතින් විවෘත කරන ලදී. මෙම නිවස්නයෙහි භෝජනාගාරයක්, කාන්තාවන් සඳහා වන  කාමර, රූපවාහිනී නැරඹුම් කාමරය,  ප්‍රභූන් සඳහා වන කාමර ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වේ.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු ගුවන් පථ ඉදිකිරීම් ඉංජිනේරු පක්‍ෂාංගෙය් සාමාජිකයින් 95 දෙනෙකු ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එච් එම් කේ එන් එම් හේරත් ගේ මූලිකත්වයෙන් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදි.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ රත්මලාන ගුවන් හමුදා කඳවුරු ගුවන් පථ ඉදිකිරීම් ඉංජිනේරු පක්‍ෂාංගෙය් සාමාජිකයින් විසින් ස්කොඩ‍්‍රරන් ලීඩර් වී ඒ පී ටී වී ආරච්චි ගේ මූලිකත්වයෙන් හා ව්‍යාපෘති ඉංජිනේරු ස්කොඩ‍්‍රරන් ලීඩර් මගිනාරාච්චි විසින් මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදි.

ගුවන් හමුදා පලාලි කඳවුරෙහි අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒවී ජයසේකර ඇතුළු කඳවුරු නිළධාරීන් හා ඉදිකිරීම් සිදුකල ගුවන් භටයින්ද මෙම අවස්ථාවට සහභාගී විය. එහිදී ගුවන් හමුදාධිපති තුමන් විසින් මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් සිය ප‍්‍රසාදය ඔවුන් වෙත පලකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි