ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරිමට පියවර
දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයින් 256 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා 2020 ජූලි මස 03 වන දින ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුර තුළ පිහිටා ඇති නිරෝධානය මධ්‍යස්ථානය වෙත යොමුකරන ලදී.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා ඝෘජු අධික්ෂණය යටතේ සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබයි. ගුවන් හමුදා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය තුල පිරිමි පුද්ගලයින් 211 දෙනෙකු සහ කාන්තාවන් 8 දෙනෙකු නිරෝධායන කටයුතු නිමකල අතර මෙම පිරිස දින 14 පුරාවට නිරෝධායනට ලක්විය.

මුලතිව් ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්ධන ඇතුලු කාර්යමණ්ඩලයේ අධික්ෂණය යටතේ සාර්ථකව නිරෝධායන කටයුතු නිම කිරිමෙන් පසු පසුගිය ජූලි මස 18 වන දින ඔවුන් නිවෙස් කරා පිටත්කර හරින ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි