වීරවිල ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
ගෲප් කැප්ටන් කේඑම්කේ කැප්පෙටිපොල මහතා විසින් වීරවිල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වීටීඑස් සිරිමාන්න මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2020 ජූලි මස 21 වන දින වන දින කඳවුරු සරඹ පිටියේදී පැවැත්විණි.
පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන ගෲප් කැප්ටන් කේඑම්කේ කැප්පෙටිපොල මහතා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය. ගෲප් කැප්ටන් කේඑම්කේ කැප්පෙටිපොල වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට නියමිතය.
නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් ගෲප් කැප්ටන් වීටීඑස් සිරිමාන්න මහතා මීට පෙර ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්‍ෂකයේ මාණ්ඩලික නිළධාරීවරයෙකු ලෙස කටයුතු කරන ලදී.