වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරීමට පියවර
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්්‍යාලයේ අධීක්ෂණය යටතේ වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ අංක 11 සහ 12 යන වාටිටු නිරෝධායන කටයුතු සදහා යොදා ගැනීමට ගුවන් හමුදාව විසින් කටයුතු කරන ලදී.

ගුවන් හමුදාව විසින් පැය 24 පුරාම කි‍්‍රයාත්මක ගුවන් හමුදා වෛද්‍ය හා හෙද කාර්්‍යමණ්ඩලයක් මෙහි සේවයට එක් කොට ඇති අතර මෙම වාටිටු තුල පුද්ගලයින් 48 දෙනෙකු සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් වීමෙන් අනතුරුව 2020 ජූනි මස 25 වන දින සිය නිවෙස් කරා පිටත්ව යන ලදී.

මෙම නිරෝධායන මධ්‍යස්ථානය ක‍්‍රියාත්මක කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘර්තීය පුහුණු පාසැල මගින් වන අතර එහි අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් මුදිත මහවත්තගේ මහතාගේ මෙහෙයවීම යටතේ මෙම මධ්‍යස්ථානය ක‍්‍රියාත්මක කරනු ලබයි. මේ  සඳහා වෛද්‍ය කාර්යමණ්ඩළ යොමුකරනු ලබන්නේ කොළඹ ගුවන් හමුදා  රෝහලෙනි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි