ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුර සිය 09 වන සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුර සිය 09 වැනි සංවත්සරය 2020 අගෝස්තු 03 වන දින පවත්වන ලද අතර සංවත්සර සැමරුමට සමගාමීව  අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් ඒඑන්විජසිරිවර්ධන මහතා ගේ මඟපෙන්වීම යටතේ  වට්ටප්පලේ මන්සන්ධියෙහි බස් නැවතුම අළුත්වැඩියා කිරීම ද සිදුකරණ ලදී.

මෙයට අමතරව මුලතිව් දිස්ත‍්‍රික් රෝහලේ රුධිර අවශ්‍යතාව සපුරාලීම වස් කඳවුරේ සියළුම අයවලුන්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් කඳවුරු පරිශ‍්‍රයේ දී සිදුකරන ලදී. මියගිය රණවිරුවන්ට හා සියළුම සේවා පුද්ගලයින්ට ආශිර්වාද පතා කෝ්කිලායි හා නයාරු විහාරස්ථාන කේන්දු කරගනිමින් දානමය පිංකම් දෙකක් ද එහිදී සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි