ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කදවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරීමට පියවර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි කඳවුර තුළ පිහිටා ඇති නිරෝධානය මධ්‍යස්ථානයේ දී නිරෝධානයට ලක් වු සිවිල් පුද්ගලයින් 29 දෙනෙකු දින 14 ක නිරෝධායන කටයුතු  අවසන් වීමෙන් අනතුරුව 2020 අගෝස්තු මස 04 වන දින සිය නිවෙස් කරා පිටත්ව යන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත  නිරෝධායන කාල තුලදී නිරෝධායනට ලක්වු පුද්ගලයන් සඳහා අවශ්‍ය සියළුම පහසුකම් මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුලදී  සපයා දීමට ගුවන් හමුදාව කටයුතු කරනු ලැබීයග වන්නි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඉන්ද්‍රජිත් වීරසූරිය ඇතුලු කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම පිරිස නිරෝධායනයට ලක් කෙරුණු අතර නිරෝධායන ක‍්‍රියාවලියෙන් අනතුරුව සිය නිවෙස් කරා පිටත් කර හැරීමට ගුවන් හමුදාව කටයුතු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි