ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප‍්‍රදානයක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින්  සාදා නිමකරන ලද නව නිවාසයක්  බලපන්ති සැරයන් පද්මලාල් ටීඒ හට ප‍්‍රදානය කිරීම  2020 අගෝසතු මස 04 වන දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මීරිගම දී සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලද අතර ගුවන් හමුදා කටුනායක හා මීරිගම සිවිල් ඉංජිනේරු පක්‍ෂාංග මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සියළු කාර්යන් සිදුකරන ලදී.

ශ‍්‍ර‍්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කඳවුරු අණදෙන නිළධාරී තුමන් ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකයේ සමාජිකාවන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි