ගුවන් හමුදා පාපන්දු කණ්ඩායමට සේවා මුක්තිකයන්ගේ අනුග්‍රහය
'අරලිය' සමූහ ව්‍යාපාරයේ හිමිකරු වන පි.ජි.ඩබ්ලිව්.සිරිසේන මහාතා ශ්‍රී ලංකා
ගුවන් හමුදා සේවාමුක්තිකයන්ගේ සංගමයේ සාමාජිකයකු වන මෙතුමා  2011 වසර සදහා ගුවන් හමුදා පාපන්දු කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබා දිමට ඉදිරිපත් වී ඇත.

පී.ජී ඩබ්. සිරිසේන මහතා පසුගියදා (29)ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන්
හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා හමුවූ අවස්ථාවේදී ගුවන්
හමුදා පාපන්දු සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ජයරත්න කුමාරසිරි හා ලේකම්
ගෲප් කපිතාන් සමන් කොටගේ යන දෙපල වෙත රු.500000 මුදල් චෙක් පතක් පිරිනමන ලදී.

හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සුරේෂ් පෙරේරා
විසින් මෙම කටයුත්ත සම්බන්ධීකරනය කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි