2019 වසරේ විශිෂ්ඨතම ගුවන් භටයින් වෙනුවෙන් සම්මාන ප්‍රධානය කෙරේ
1:43pm on Wednesday 2nd September 2020
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මාණශීලීල නිපැයුම්ල සොයා ගැනීමි ආදී නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු කල විශිෂ්ඨතම ගුවන් භටයා හෝ ගුවන් කාන්තාව තෝරා තිළිණ ප්‍රධානය කරමින් ගෞරව දැක්වීමේ වර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 අගෝස්තු මස 20 වන දින කටුනායක ගුවන් හමුදා ඊගල්ස් ලැගුන් වීව් උත්සව ශාලාවේදී පැවැත්විණ.
2019 වර්ෂයේ මුල සිට අග දක්වා කාලය තුල එක් එක් වෘත්තීන්ට අදාල හොඳම සේවා පුද්ගලයා තේරීමේදී පිළිගත් ක්‍රමවේදයකට අනුව එක් එක් වෘත්තීන්හී අධ්‍යක්ෂක මණ්ඩල මගින් සිදු කල අධීක්ෂණයන් යටතේ පසුගිය වර්ෂයේ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් කල දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම තෝරා ගැනීම සිදු කරන ලදී.
ගගන ඉංජිනේරු සාමාන්‍ය ඉංජිනේරු විද්‍යුත් සහ සන්නි ෙව්දන ඉංජිනේරු සිවිල් ඉංජිනේරු සැපයුම් පරිපාලන මෙහෙයුමි භූමි සෞඛ්‍යය සහ දන්ත වෛද්‍ය යන අංශයන්හි සේවා නියුතු වුවන් මේ සඳහා තෝරා ගන්නා ලදී.
ඉහත සඳහන් ඒ ඒ වෘත්තීන් අතරින් වැඩිම ලකුණු ලබා ගන්නා සේවා පුද්ගලයා වසරේ විශිෂ්ඨතම සේවා පුද්ගලයා ලෙස සම්මාන ලැබීමට සුදුසුකම් ලබයි. ගුවන් හමුදාවේ වැඩ කටයුතු පහසු කරගැනීමට කරනු ලබන නව සොයා ගැනීම් සිදු කරන කණ්ඩායම සඳහා සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු කරනු ලබයි. මෙම තෝරා ගැනීම් සියල්ල සිදුකරනු ලබනුයේ ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරී ඇතුළු ප්‍රධාන කමිටුවක් මගිනි.
2019 වසරේ විශිෂ්ඨම ගුවන් භටයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ සාමාන්‍ය ඉංජිනේරු අංශයේ සේවය කරන බලලත් නිලධාරී එස්ඩීකේඑස් විජේසේකර (අවි ආයුධ ශිල්පි) සම්මානයෙන් පිදුම් ලැබු අතර 2019 වසරේ විශිෂ්ඨම ගුවන් කාන්තාව ලෙස ගුවන් හමුදා මූලස්ථානයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ කෝප්රල් පෙරේරා එස්ඩීඑස් (ඖෂධවේදී) පිදුම් ලැබිය.
මෙහිදී විවිධ සොයා ගැනීම් සිදු කරන ලද කණ්ඩායමට ද සම්මාන පිරිනැමුනු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන මුලික කදවුරේ ගුවන්යානා සහයක බලඝන කණ්ඩායම සම්මාන ලබා ගැනීමට සමත් විය.
මෙම සම්මාන උලෙලෙහි හොදම තත්ව පාලන කමිටුව ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකළ වෘත්තීය පුහුණු පාසල සම්මානය දිනාගන්නා ලද අතර මෙම සුවිශේෂී උත්සව අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ,ගුවන් හමුදා අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, නිළධාරීන් ඇතුලූ සෙසු නිළයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී විය.