ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය මගින් ගුවන් හමුදාවට ගිනි නිවන රථ තුනක් හා ගිලන්රථ තුනක් ප‍්‍රදානය කෙරේ
ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමේ රථ තුනක් හා ගිලන්රථ තුනක් ප‍්‍රදානය කිරීම 2020 අගෝස්තු මස 22 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සිදු කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. මෙහිදී අහස් ඉනිමග සහිත ගිනි නිවීමේ රථ දෙකක්, සාමාන්‍ය ගිනිනිවීමේ රථයක් සහ ගිලන් රථ තුනක් ගුවන් හමුදාවෙ වෙත හිමිවිය.
ආචාරය ජාල් තිලකරත්න මහතා සහ ජපාන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමයේ කැපකිරීම් මත ලොව පුරා උද්ගත වී ඇති කොඩිඩ්-19 වසංගත තත්වය හමුවේ පනවා ඇති විවිධ සීමාවන් මධ්‍යයේ වුවද මෙම රථ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබාදීමට අවස්ථාව උදා විය.
ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මන්ඩලය, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.