ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා වෛද්‍ය ඒකකය මගින් ”පිරිසිදු ක්‍රීඩාව, සමබර පෝෂණය, ශාරීරික යෝග්‍යතාවය සහ ශක්තිමත් මනසකින් නැවත ක‍්‍රීඩාවට” යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා වෛද්‍ය ඒකකය, කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු රෝහල් අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එන්ඩීබී අබේසේකර මහතාගේ අනුදැනමු මත  ”පිරිසිදු ක්‍රීඩාව, සමබර පෝෂණය, ශාරීරික යෝග්‍යතාවය සහ ශක්තිමත් මනසකින් නැවත ක‍්‍රීඩාවට” යන්න තේමා කොටගෙන ගුවන් හමුදා ක‍්‍රීඩා කණ්ඩායම්හි කළමනාකරුවන්,පුහුනුකරුවන් සහ ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.

ක‍්‍රීඩා කණ්ඩායම්හි සාමාජික සාමාජිකාවන් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් 2020 අගෝස්තු මස 19 වන දින කටුනායක ගුව්න හමුදා කඳවුරු ඇස්ට‍්‍රා ශාලාවේදී මෙම වැඩමුළුව පැවැත්විණි. කාර්ය සාධනය ඉහළ නැංවීමේදී පෝෂණයේ ඇති වැදගත්කම ඉස්මතු කිරීම සහ ගුවන් හමුදා ක්‍රීඩකයින් අතර තහනම් උත්තේජක වලින් තොර පිරිසිදු ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන පරමාර්ථය විය.

මානව පෝෂණ හා තහනම් උත්තේජක ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ කථිකයන් දෙදෙනෙක් වන වයඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය කේ ඩී රේණුක සිල්වා මහතා සහ ශ‍්‍රී ලංකා තහනම් උත්තේජක ඒජන්සියේ අධ්‍යක්‍ෂක ජෙනරාල්, ආචාර්ය සීවලී ජයවික‍්‍රම මහත්වරුන් විසින් සිය දේශන මගින් ඔවුන් සතු දැනුම ලබාදෙන ලදී.

එසේම මෙයට සමගාමීව ගුවන් හමුදා ක‍්‍රීඩා වෛද්‍ය ඒකකය විසින් නිර්මාණය කරන ලද ගුවන් හමුදා කී‍්‍රඩා දිනපොත නිළ වශයෙන් එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි