ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර හිගුරක්ගොඩ
ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික කඳවුරු පරීක්ෂණ මාලාවේ 2020 හිගුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුරු පරීක්‍ෂණය එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් 2020 අගෝස්තු මස 27 වන දින සිදු කරන ලදී.
කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එන්එච්ඩීඑන් ඩයස් විසින් පරීක්ෂණ පෙළපාලියට අණදෙමින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබූ අතර අනතුරුව ගුවන් හමුදාපතිතුමන් විසින් පෙළපාලිය පරීකෂාවට ලක් කරන ලදී. පසුගිය වර්ෂය තුළ හිගුරක්ගොඩ කදවුර තුලදී කළ විශිෂ්ඨ සේවාවන් හා කදවුරෙහි කාර්යයන් වෙනුවෙන් ලබාදුන් පොදු දායකත්වය අගයමින් පහත සදහන් සේවා පුද්ගලයින් ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ පුද්ගලයින්
බලලත් නිළධාරී ජීජීසීපී කුමාර
කෝප‍්‍රල් සමරවික‍්‍රම කේඑල්එල්
කෝප‍්‍රල් රත්නපාල පීකේඅයිඅයි
කෝප‍්‍රල් ද අල්විස් ඒආර්එස්
කෝප‍්‍රල් සඳමාලි ඩබ්එම්එන්
කෝප‍්‍රල් රාජපක්‍ෂ කේබීඑන්එස්
ඒපීපී ඇතුගල මහතා
එච්එම්එස් විජේරත්න මහතා
කේජීආර්එම් ගුණතිලක මහතා
අනතුරුව, කඳවුරු පරීක්‍ෂණය අතුරතුර අළුතින් ඉදිකරන ලද රෙජිමේන්තු තුළ වාසී නිවස්නය විවෘත කිරීම ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදුකරන ලදී. කදවුරු පරීකෂණය සිදුකරමින් කඳවුරු මූලස්ථානය,අංක 7 බලඝණය, අංක 9 බලඝණය, නිලඇඳුම් සකස් කිරීමේ අංශය,නිලධාරී නිවස්නය, බලලත් නිළධාරීන්ගේ සහ සැරයන්වරුන්ගේ නිවස්නය, රෙජිමේන්තු විශේෂ බලකා පක්‍ෂාංගය, අංක 25 රෙජිමේන්තු පක්‍ෂාංගය, මූලස්ථාන අවි ආයුධ අංශය සහ මෝටර් රථ ප‍්‍රවාහන අංශය ඇතුළු කඳවුරේ සියළුම ස්ථාන පරීකෂා කරන ලදී.
පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් හිගුරක්ගොඩ කඳවුරේ සියලුම නිළධාරීන් සෙසු නිළයන් හා සියලුම සිවිල් සේවක මහත්ම මහත්මීන් හට කඳවුරු සංවිධානය සහ ඔවුන්ගේ වෙහෙස මහන්සිය පැසසුමට ලක් කරන ලදී.