ගුවන් සුනඛයින් සඳහා මත්ද‍්‍රව්‍ය, පුපුරණ ද‍්‍රව්‍ය හඳුනාගැනීම සහ සෙවීම පිළිබඳ 01 වන පාඨමාලාව දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී නිමකෙරේ
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල නව පරිච්ඡේදයක් අරඹමින් ගුවන් සුනඛයින් සඳහා පවත්වනු ලැබූ 01 වන මත්ද‍්‍රව්‍ය, පුපුරණ ද‍්‍රව්‍ය හඳුනාගැනීම සහ සෙවීමේ පාඨමාලාව 2020 අගෝස්තු මස 28 වන දින නිමාවට පත්කරන ලදී. නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද නව සුනඛයින් සඳහා මෙම පාඨමාලාව පවත්වන ලද අතර පාඨමාලාව 2020 මාර්තු මස 06 වන දින සිට 2020 අගෝස්තු මස 27 වන දින දක්වා පැවැත්විණි.

මෙම පාඨමාලාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ සුවිශේෂී සංකල්පයක් ලෙස ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව මත්ද්‍රව්‍ය හා පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ පුහුණුව ඇති බැවින් ගුවන් සුනඛ පුහුණුව සඳහාද නව හැකියාවන් ගෙන ඒම එහි අරමුණු විය. තවද, මෙම පාඨමාලාව ගුවන් හමුදා භූමි මෙහෙයුම් අද්‍යක්‍ෂකයේ සහ පුහුණු අධ්‍යක්‍ෂකතුමන්ගේ සම්බන්ධිකරණයෙන් ක‍්‍රියාත්මක කරන ලද අතර ඒ සඳහා ශ‍්‍රී ලංකා පොලිසියේ සුනඛ කොට්ඨාශය සහ ශ‍්‍රී  ලංකා අන්තරාදායක ෙඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන්ගේ සහයෝගයද ලබා ගන්නා ලදී.

මෙම පාඨමාලාව ගුවන් සුනඛයින් 20 දෙනෙකු සහ ජ්‍යේෂ්ඨ ගුවන් සුනඛ පාලකයින් 20 දෙනෙකු විසින් හදාරන ලදී. මෙම සුනඛ පාලකයින් සහ සුනඛයින් ජාතික ආරක්ෂක අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම සඳහා බණ්ඩාරනායක  සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලවල මත්ද්‍රව්‍ය සහ පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමේ රාජකාරි සඳහා ක‍්‍රියාකාරීව යොදවාගත හැක. අවසානයේ, ශ‍්‍රී ලංකා පොලිසියේ සුනඛ කොට්ඨාශයේ සහ ශ‍්‍රී  ලංකා අන්තරාදායක ෙඖෂධ පාලන මණ්ඩලයේ නිලධාරීන් හට සමරු තිළිණ ප‍්‍රදානය කිරීමද සිදුකෙරිණි.

සහතිකපත් ප‍්‍රදානෝත්සවයේදී සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් චමින්ද වික‍්‍රමරත්න විසින් මෙම පාඨමාලාව සාර්තකව නිම කිරීම සඳහා සහයෝගය දැක්වූ සියළුම දෙනා හට සිය ස්තුතිය පු1දකර සිටින ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි